සුමධුර ධර්ම දේශනාව සහ සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව

සුමධුර ධර්ම දේශනාව සහ සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව මග නැගුම පෑලියගොඩ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී බෞද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව අලංකාරමවත්ව 2021-12-30 දින රාත්‍රි පැවැත්වින.

මග නැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගමේ සියලුම සේවක සේවිකාවන්ටත් සභාපති තුමන් ප්‍රමඛ අධ්‍යක්‍ෂ මණ්ඩලයටත් සෙත්පතා, පවතින වසංගත තත්වයන්ගෙන් සහ ස්වාභාවික විපත්වලින් මිදී සියලු ශ්‍රී ලංකාවාසීන්ට ආරක්ෂාවත්, දේශයට සෞභාග්‍යයත් උදාවේ යැයි උතුම් පරමාර්ථය පෙරදැරි කරගනිමින් පවත්වනු ලැබූ සුමධුර ධර්ම දේශනාව සහ සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව මග නැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගමේ පෑලියගොඩ පිහිටි ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ දී මස 30 වන දින රාත්‍රී රය පහන්වන තුරා පැවැත්වින.


පසුදින පෙරවරුවේ හීල් දානමය අවස්ථාව පැවැත්වින

සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව සදහා සධාතුක කරුඬවන් වහන්සේ වැඩම කරවීමෙන් අනතුරුව
රාත්‍රී සුමධුර ධර්ම දේශනාව අතිපූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද අතර පිරිත් ආරම්භය හා අනුසාශනාව ගෞරවනිය කොළඹගම පොඩි හාමුදුරුවන් වහන්සේ විසින් සිදු කල සේක.

මෙම අවස්ථාව සදහා මහාමාර්ග අමාත්‍ය තුමන්ගේ පුද්ගලික ලේකම් දක්ක්‍ෂිත ලංකාතිලක මහතා, අග්‍රාමාත්‍යතුමන්ගේ පාර්ලිමේතු කටයුතු සම්බන්ධිතරණ ලෙකම් ප්‍රියන්ත රත්නායක මහතා, මග නැගුම සාමාන්‍යාධිකාරි දර්ශන හේරත් මහතා, මග නැගුම කළමණාකරණ උපදේෂක චන්ද්‍රසිරි මැතිතුමන් ඇතුළු මග නැගුම අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ සේවක මහත්ම මහත්මීන් සහභාගිවිය.